July 17, 2026

නැඟෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ වරුණ ජයසුන්දර වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත මාරු කර යවා තිබේ.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ඉදිරියේදී පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.