
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින අන්තර්ජාතික පිටියේ හොඳම පන්දු යැවීම් අතරට එක්වීමට ඊයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වනිදු හසරංග සමත්විය.
එය ලොව හොඳම පස්වැනි එක්දින පන්දු යැවීම ලෙස වාර්තා විය.
හොඳම එක්දින යැවීම ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ආරම්භක පන්දු යවන්නා වු චමින්ද වාස් විසින් පිහිටුවා තිබේ.
2001 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 19ට කඩුලු 08ක් වාස් බිඳහෙළා ඇත.
පාකිස්තානයේ සහීඩ් අෆ්රිඩ් ලකුණු 12ට කඩුලු 07ක් 2013 වසරෙුදි කොදෙව්වන්ට එරෙහිව ලබාගත් අතර, ඕස්ට්‍රේලියාවෙි ග්ලෙන් මැක්ග්‍රාත් ලකුණු 15ට කඩුලු 07යි 2003 වසරේදි නැම්බ්යාවට එරෙහිව ලබාගත්තේය.
ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් ලකුණු 18ට කඩුලු 07ක් 2017 වසරේදි කොදෙව්වන්ට එරෙහිව ලබාගැනිිමෙන් පසු වනිඳු හසරංග ලකුණු 19ට කඩුුලු 07ක් ඊයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබාගත්තේ ලොව හොඳම පස්වැනි එක්දින පන්දු යැවිම වාර්තා කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart