September 27, 2025

වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් මහියංගන, ගිරාදුරුකොට්ටේ ප්‍රධාන මාර්ගයේ සොරබොරවැව සැතපුම් කණුව ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රියේ මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් මහියංගන රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.

බදුල්ල, කයිලගොඩ පදිංචිකරුවන් වන තුවාල ලැබූවන් අතර පිරිමින් පස් දෙනෙකු, කාන්තාවන් හය දෙනෙකු සහ අවුරුදු 10ක දරුවකු ද සිටි බව පොලිසිය කියයි.

වෑන් රථ රියදුරු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පොලිසියට අනුව, අනුරාධපුර වන්දනා ගමනකින් පසු බදුල්ල බලා ආපසු යමින් සිටියදී රියදුරුට නින්ද යෑම නිසා වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන විශාල ගසක ගැටී ඇත.

සිද්දිය දුටුවන් සහ පොලිස් නිලධාරීන් එක්ව අනතුරට ලක් වූ වාහනය තුළ සිරවී සිටි පිරිස බේරා ගැනීමට කටයුතු කළ අතර පසුව ඔවුන් මහියංගන රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් වෑන් රථයට දැඩි හානි සිදුවී ඇති අතර තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය තවමත් බරපතළ බව ද වාර්තා වේ.