
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කළ යුතු බවට වූ යෝජනාවක් ගාල්ල ආසනයේ පක්ෂ ක්‍රියාකාරින් විසින් ඊයේ (28) සම්මත කරගෙන ඇත.
එජාප සභාපති වජිර අබේවර්ධන හා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ඇතුළු පිරිසකගේ සභාගිත්වයෙන් පැවැති හමුවකදී මෙම යෝජනාව සම්මත කරගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කල යුතු බවටඅත් ඔසවා යොජනාව සම්මත කර ඇත.
මෙහිදී ජනමාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මෙසේ සනහන් කර තිබේ.
“විශේෂයෙන් පක්ෂයක් හැටියට අනෙත් පක්ෂ සමග සාකච්ඡා කරමින් තිබෙනවා. ඒකේ අවසාන තීරණය අනුව නාම යෝජනා පත්‍ර භාරදීමට නියමිතව තිබෙනවා .එතකොට ඒ අනුව අපි කටයුතු කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart