
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිසි ලෙස ඉල්ලා අස්වීමේ ලිපි ලබානොදී තනතුරුවලින් ඉවත්ව සිටින රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් පිළිබඳ සවිස්තර වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කැඳවීමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක උපකුලපතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දීමට නියමිත බවත්, එම වාර්තාව ලැබුණු පසු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ පවසයි.
පසුගිය වසර එකහමාරක කාලය තුළ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 255ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 153ක් පමණ ඉල්ලා අස්වීමකින් තොරව තනතුරුවලින් ඉවත් වී ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී වශයෙන් ප්‍රකාශ කළේය.
2022 ජනවාරි 01 සිට 2023 මැයි 25 දක්වා කාලය තුළ විශ්ව විද්‍යාල 17න්ම අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 83ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 277ක් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇතැයි ඇමැතිවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම 2021 සිට 2023 දක්වා කාලය ඇතුළත අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 519 දෙනෙක් සිය තනතුරුවලින් ඉවත්ව ඇති බවත්, සාමාජිකයන් 663 දෙනෙක් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇති බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart