
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජනපද තීරුබදු 10% දක්වා අඩු කිරීමට ඇමරිකානු බලධාරීන් පියවර ගෙන ඇත.
ජනාධිපතිවරයාගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ උපදෙස් මත ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා දූත පිරිසේ දක්ෂ සාකච්ඡා සම්පූර්ණ කිරීම, දෛනික සම්බන්ධීකරණය සහ වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කැපවීම මෙම සාර්ථක ප්‍රතිඵලයට ප්‍රධාන හේතුව වී තිබෙන බව ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ පවසයි.
මෙම රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික ජයග්‍රහණය උදෙසා එක්සත් ජනපදය සමඟ පැවැති සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පහත නිලධාරීන් එක්ව තිබේ.
– හර්ෂණ සූරියප්පෙරුම — මුදල් ලේකම් (දූත කණ්ඩායමේ නායක)
– ආචාර්ය නන්දලාල් වීරසිංහ — ශ්‍රී ලංකා මහ බැංකු අධිපති
– එම්. විමලේන්දිරරාජා — වෙළඳ ලේකම්
– දුමින්ද හුලංගමුව — ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩලයේ සභාපති
– මහින්ද සමරසිංහ — ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති
මේ සම්බන්ධයෙන් තානාපති මහින්ද සමරසිංහගේ ප්‍රකාශය පහතින් දැක්වේ;
“ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීම, අතිගරු ජනාධිපතිතුමන්ගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ අදාළ නියෝග, මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම (දූත කණ්ඩායමේ නායක), මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, වෙළඳ ලේකම් විමලේන්දිරරාජා, ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩල සභාපති දුමින්ද හුලංගමුව සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා දූත පිරිසේ දැඩි කැපවීම සහ දක්ෂ ලෙස ඉලක්කගතව සාකච්ඡා පැවැත්වීම, දෛනික සම්බන්ධීකරණය, බුද්ධි තොරතුරු රැස් කිරීම, උපදෙස් සහ වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හොඳ හිත ගොඩනැගීම හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම හිතකර ප්‍රතිඵලය ලැබුණි. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාගේ දිගු සේවා කාලය තව දින කිහිපයකින් අවසන් කරන අතර, මෙම ධනාත්මක ප්‍රතිඵලය තිරසාරව පවත්වා ගැනීම සඳහා ජය ගැනීමට තවත් අභියෝග ඇති බැවින්, අප ඉදිරියට යාමේදී උදාසීන නොවිය යුතු බවට ඔබ සැමට වචනයක් ඉතිරි කිරීමට කැමැත්තෙමි.
ඉල්ලීමක් කළහොත් ජනාධිපතිතුමාට සහ එතුමාගේ රජයට මගේ සහාය ලබා දීමට මම සූදානමින් සිටිමි. අපගේ ආදරණීය මව්බිමේ යහපත වෙනුවෙන් දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා කණ්ඩායමක් ලෙස කටයුතු කළහොත්, ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ජයගත නොහැකි කිසිවක් නොමැත!”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart