
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සිය ඉන්දීය නිල සංචාරය ආරම්භ කර තිබේ.
ඒ අනුව ඔහු අද උදෑසන කොල්කටා වෙත ළඟා වූයේ, වසර 14 කට පසු ඇමරිකානු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු එම නගරයට පැමිණි පළමු අවස්ථාව ලෙසයි.
මෙම සංචාරය දෙරට අතර පළුදු වූ ද්විපාර්ශ්වික සබඳතා යළි ගොඩනගා ගැනීම සහ කලාපීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් සිව්දින ඉන්දීය සංචාරයක සමාරම්භක අදියරයි.
කොල්කටා වෙත පැමිණි රූබියෝ මධ්‍යම කොල්කටා හි පිහිටි සාන්ත තෙරේසාගේ ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ හි ගෝලීය මූලස්ථානය වන ‘මදර් හවුස්’ සහ ඒ අසල පිහිටි ළමා නිවාසය වෙත පැමිණ තිබුණේය.
කොල්කටා වෙත පා තැබූ අවසන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා වූයේ හිලරි ක්ලින්ටන් ය. ඒ 2012 මැයි මාසයේදීය.
රූබියෝගේ මෙම පළමු නිල ඉන්දීය සංචාරය වෙළඳාම, තාක්ෂණය, ආරක්ෂක, බලශක්ති සුරක්ෂිතතාව සහ ඉන්දු-පැසිෆික් උපාය මාර්ග වැනි ක්ෂේත්රවල වොෂින්ටනය සහ නව දිල්ලිය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.
මෙම සංචාරය දෙරට අතර වර්ධනය වන උපායමාර්ගික සබඳතා නිසා වැදගත්කමක් උසුලන අතර, මැයි 26 වන දින නව දිල්ලියේ පැවැත්වීමට නියමිත QUAD විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමට ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහභාගී වනු ඇත.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා කොල්කටා වෙත පැමිණි අවස්ථාවේදී ඔහුව පිළිගැනීම සඳහා ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර් ද ගුවන් තොටුපළට පැමිණ සිටියේය.
රූබියෝගේ පැමිණීම පිළිබඳ නිවේදනය ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර් විසින් X හි තැබූ සටහනක් මගින් සිදු කරන ලදී.
එහි ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා රූබියෝ පසුව නව දිල්ලිය බලා පිටත්ව යන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart