
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලහත්කාර ශ්‍රමය භාවිත කරමින් නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණයත් සමඟ, ශ්‍රී ලංකා අපනයන භාණ්ඩ සඳහා පැනවීමට යෝජිතව තිබූ 12.5%ක අතිරේක බද්ද අවම වශයෙන් 10% දක්වා අඩු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය අද නිවේදනය කළේය.
සාධාරණ වෙළඳාම, වගකීම් සහගත ව්‍යාපාරික පටිපාටීන් සහ ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රම ප්‍රමිතීන් කෙරෙහි ශ්‍රී ලංකාවේ ඇති කැපවීම මෙම තීරණයෙන් පිළිඹිබු වන අතර, එමඟින් මෙරට අපනයනකරුවන්ට යහපත් ප්‍රතිඵල අත්වෙනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
මෙම බදු සංශෝධනය හේතුවෙන් ඇමෙරිකානු වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා අපනයන භාණ්ඩවල තරඟකාරීත්වය තවදුරටත් ඉහළ යනු ඇති බව බලධාරීහු පවසති. එමෙන්ම, තිරසාර ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබඳව ආයෝජකයින්ට සහ විදේශීය මිලදී ගන්නන්ට ශක්තිමත් පණිවුඩයක් මෙමඟින් ලැබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.
අපනයනකරුවන්ට ශක්තියක් වෙමින්, තිරසාර ආර්ථික වර්ධනයකට දායක වන නවීන හා තරඟකාරී වෙළඳ පරිසරයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව තුළ ඇති උනන්දුව මෙම සංශෝධනය හරහා තහවුරු වන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart