
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද වැඩබලන රාජ්‍ය නියෝජ්‍ය ලේකම් හා දේශපාලන කටයුතු සඳහා වන ලේකම් වික්ටෝරියා නුලන්ඩ් සහ විදේශ ඇමැති අලි සබ්‍රි අතර පැවති සාකච්ඡාවකදී, ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යැන් 6 හි ඉදිරි සංචාරය පිළිබඳව කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා භූමිය තුළ ඕනෑම ක්‍රියාකාරකමක් සිදුකිරීමේදී විදේශීය නැව් සහ ගුවන් යානා අනුගමනය කළ යුතු සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය (SPO) සකස් කර ඇති බව ඇමැතිවරයා එහිදී ඇයට විස්තර කර ඇත.
සියලුම රටවල් සඳහා මෙම ප්‍රවේශය ශ්‍රී ලංකාව සමපාත කර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස චීනය පමණක් එම ක්‍රියාවලියෙන් බැහැර කළ නොහැකි බවත්, ඇමැතිවරයා ඇයට පැවසූ බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය නිමිත්තෙන් අමෙරිකාවට ගොස් සිටින ඇමැතිවරයා එහිදී ඇය සමඟ සාකච්ඡා කර තිබේ.
මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සඳහන් කර ඇත්තේ, විදේශ යාත්‍රා සඳහා විදේශීය නැව් සහ ගුවන් යානා අනුගමනය කළ යුතු සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය (SPO) සකස් කර ඇති බවයි.
එම පටිපාටිය මේ සතියේ ජාතික ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සමඟ එක්ව පර්යේෂණ සිදු කිරීම සඳහා චීන පර්යේෂණ නෞකාව ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව ප්‍රකාශ වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart