
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එරටින් ස්වේච්ඡාවෙන් පිටව යෑමට කැමති ලේඛනගත නොකළ සංක්රමණිකයන් සඳහා නව දිරිගැන්වීමක් නිවේදනය කර ඇත.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ඔවුන් මෙම වසර අවසන් වන විට ස්වේච්ඡාවෙන් එක්සත් ජනපදයෙන් පිටව ගියහොත් ඩොලර් 3,000ක මුදල් ගෙවීමක් සහ නොමිලේ ගුවන් ගමන් පහසුකම් ද ලබාදෙන බවයි.
එම යෝජිත වැඩසටහන යටතේ, සංක්රමණිකයින්ට CBP Home ජංගම යෙදුම හරහා ස්වේච්ඡාවෙන් පිටවීම සඳහා ලියාපදිංචි විය හැකිය.
එරට බලධාරීන් විසින් අදාළ පුද්ගලයා තම මව් රටට ආපසු පැමිණ ඇති බව තහවුරු කිරීමෙන් පසු දීමනාව නිකුත් කරනු ලබන බව අමෙරිකානු නිලධාරීහු පවසති.
මීට පෙර අමෙරිකාව ස්වේච්ඡාවෙන් පිටවන නීතිවිරෝධී සංක්රමණිකයින් සඳහා දීමනාවක් ලෙස ඩොලර් 1,000ක මුදලක් ලබාදුන්නේය.
එමෙන්ම නව දිමනාව ඔස්සේ අනවසර සංක්රමණිකයන් අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා තබාගැනීමකින් තොරව යළි ඔවුන්ගේ මව් රටට පිටව යාමට දිරිමත් කිරීම අරමුණු කර ගෙන ඇත.
එලෙස ස්වේච්ඡාවෙන් පිටනොවන සංක්රමණිකයන් අත්අඩංගුවට ගැනීම සහ ඉවත්කිරීම ඇතුළු බලාත්මක කිරීමේ ක්රියාමාර්ග තවදුරටත් බලාත්මක බවත්, අනාගතයේදී එක්සත් ජනපදයට නැවත ඇතුළුවීම සඳහා සීමාවන්ට මුහුණදිය හැකි බවත් ස්වදේශ ආරක්ෂක නිලධාරීහු පවසති.
ආගමන සඳහා කලින් භාවිත කරන ලද CBP Home යෙදුම, ස්වේච්ඡා පිටත්වීම් සඳහා පහසුකම් සැලසීම සඳහා නැවත සකස් කර ඇත.
අමෙරිකානු බලධාරීන් පවසන්නේ, රඳවා තබාගැනීම සහ අධිකරණ ක්රියාමාර්ග ඇතුළත් ආගමන බලාත්මක කිරීමේ පිරිවැය අඩුකිරීමට මෙම ක්රියාමාර්ග හඳුන්වා දී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart