
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති ජෝ බයිඩන් අඟහරුවාදා (26දා) වැඩි වැටුප් සහ වඩා හොඳ සේවා කොන්දේසි ඉල්ලා අමෙරිකාවේ විශාලතම වාහන නිෂ්පාදකයන්ට එරෙහිව වැඩ වර්ජනයක යෙදී සිටි මෝටර් රථ කම්කරුවන් සමඟ එක්විය.
ඒ අනුව බයිඩන් මෙවැනි වැඩ වර්ජනයකට සම්බන්ධ වූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත්විය.
ජෙනරල් මෝටර්ස්, ෆෝර්ඩ් සහ ස්ටෙලැන්ටිස් යන මෝටර් රථ දැවැන්තයන් තිදෙනකුට එරෙහිව කම්කරුවෝ වැඩ වර්ජනයක යෙදී සිටිති.
බයිඩන් එක්වූයේ මිචිගන් හි පැවැති වැඩවර්ජනයේ එක් කොටසක් සමගිනි.
“මම 1973 සිට සෙනෙට් සභිකයකුව සිටියදී වැඩවර්ජන රාශියක් සමග එක්ව ඇත. එහෙත් මම ඔබට කියන්නම්, මම ජනාධිපති ලෙස එය කළ පළමු අවස්ථාව මෙයයි” යැයි බයිඩන් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart