
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු බ්ලැක්හෝක් හෙලිකොප්ටරයක්, පුහුණු මෙහෙයුමක් අතරතුර මධ්‍යධරණී මුහුදට කඩා වැටීමෙන් එරට විශේෂ මෙහෙයුම් ඒකකයේ සේවා භටයන් පස් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති අතර, අනතුරට හේතු සොයා පරීක්ෂණයක් අරඹා ඇති බව අමෙරිකානු හමුදාවේ යුරෝපීය විධානය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මෙම අනතුර විස්තර කර ඇත්තේ, “පුහුණු අනතුරක්” ලෙසිනි.
හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එරෙහි ඔක්තෝම්බර් 7 වැනිදා ප්‍රහාරයෙන් පසු අමෙරිකාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් වන ෆෝඩ් සහ අයිසන්හවර් තවත් ආධාරක නැව් සහ ගුවන් යානා විශාල සංඛ්‍යාවක් සමග නැගෙනහිර මධ්‍යධරණී මුහුදට යොදවා ඇත.
මෙම අනතුර පුහුණුවට සම්බන්ධ බවත්, සතුරු ක්‍රියාකාරකම් පිළිබඳ කිසිදු ඇඟවීමක් නොමැති බවත් නිශ්චිතවම පැවසිය හැකි බව අමෙරිකාවේ යුරෝපීය විධානය වැඩිදුරටත් සදහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart