
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව විසින් පැහැර හරින ලද ඩොලර් මිලියන 250 ක බැඳුම්කර අයකර ගැනීම සඳහා වන ශ්‍රී ලංකා රජය සහ අමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව අතර නඩුවට මැදිහත්වීම සඳහා නඩුවේ තීන්දුව ප්‍රමාද කරන ලෙස එක්සත් ජනපද රජය නිව්යෝර්ක්හි ෆෙඩරල් අධිකරණයෙන් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් නිව්යෝර්ක් හි දකුණු දිස්ත්‍රික්කයේ නීතීඥ ඩේමියන් විලියම්ස් විසින් 2023 අගෝස්තු 30 දිනැති ලිපියක් දිස්ත්‍රික් විනිසුරු ඩෙනිස් කෝට් වෙත යවා ඇත.
මෙම නඩුවට එක්සත් ජනපද රජයේ සහභාගීත්වය පිළිබඳව එම ලිපියෙන් උසාවියට දැනුම් දී ඇති බව ගෝලීය ආර්ථික මාධ්‍ය දැවැන්තයෙකු වන ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කර ඇත.
“මෙම කාරණය සම්බන්ධයෙන් රජයේ සහභාගීත්වය අධිකරණයට දැනුම්දීමට එක්සත් ජනපදය අපේක්ෂා කරයි. 2023 ඔක්තෝම්බර් 02ට නොඅඩු කාලයකට පසුව (අධිකරණ දෙපාර්තමේන්තුව විසින්) එසේ කිරීමට අවසර ලබා දී ඇත්නම්, රජයේ උනන්දුව පිළිබඳ ප්‍රකාශය ගොනුකරනු ඇත” යනුවෙන් අදාළ ලිපියේ සඳහන් වේ.
ස්වෛරී සහ වාණිජ ණයහිමියන් (විදේශීය ආණ්ඩු සහ බැංකු ඇතුළු විදේශ අරමුදල්) සමඟ ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වන තෙක් මාස හයක කාලයක් සඳහා තීන්දුව අත්හිටුවන ලෙස ශ්‍රී ලංකාව මෝසමක් ගොනුකර ඇත.
ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු 2022 ජුනි මාසයේදී මෙම නඩුව ගොනු කරන ලද්දේ, මෙම විශේෂිත බැඳුම්කර නිකුතුවෙන් ඩොලර් බිලියන 01 ක් ආපසු ගෙවීම පැහැර හැරීමෙන් පසුව වන අතර, එම මුදලින් ඩොලර් මිලියන 250 ක් හැමිල්ටන් රිසර්ව් බැංකුවට අයත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart