
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ වොෂින්ටන් නිල සංචාරයෙන් දින කිහිපයකට පසුව, තායිවාන නායක විලියම් ලායි චිං-ටේගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ තොරතුරු සෙවීම සඳහා ඇමරිකානු ජාතික චීන කාන්තාවක යොදවා ඇති බවට ඇමරිකා එක්සත් ජනපදය විසින් චීනයට චෝදනා කර තිබේ.
ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රටින් පලා යාමට උත්සාහ කළ 34 හැවිරිදි ෂැං වන්යින් නැමැති කාන්තාව ඉරිදා දිනයේදී ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය (FBI) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
චීන රජය වෙනුවෙන් ලියාපදිංචි නොවූ නියෝජිතවරියක ලෙස කටයුතු කිරීමේ චෝදනාව ඇයට එල්ල වී තිබේ.
ඉකුත් වසරේදී සියැටල් හිදී තායිවාන නායකයාගේ පුත්‍රයා සහ ඔහුගේ පවුලේ අය පිළිබඳව ඔත්තු බලමින්, ඔවුන්ගේ නිවසේ සහ වාහනවල ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගෙන චීනයේ සිටින ඇගේ මෙහෙයුම්කරුවන් වෙත යැවූ බවට FBI ආයතනය ඇයට චෝදනා කරයි.
මේ පිළිබඳව සමාජ මාධ්‍ය සටහනක් තබමින් FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් සඳහන් කළේ, චීන රජය විසින් තායිවාන ජනාධිපතිවරයාගේ පවුලේ අය පිළිබඳව ඇමරිකානු භූමියේදී ඔත්තු බලමින් ඡායාරූප, වීඩියෝ සහ වාහන අංක තහඩු ලබා ගැනීමට නියෝජිතවරියක එවා ඇති අතර, පසුව ඇය නැවත ෂැංහයි වෙත පලා යාමට උත්සාහ කර ඇති බවයි.
නමුත් එය උත්සහය අසාර්ථක වූ බව ද ඔහු පැවසුවේය.
ෂැං වන්යින් සඳුදා දිනයේදී ලොස් ඇන්ජලීස් හි ඇමරිකානු දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කරන ලද අතර, ඇයට ඇප ලබා දෙන්නේද නැතහොත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නේද යන්න තීරණය කිරීම සඳහා දෙවන නඩු විභාගය බදාදා දිනට නියම කර ඇත. ඇයට එරෙහිව මෙතෙක් නිල වශයෙන් අධිචෝදනා පත්‍ර ගොනු කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart