
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩොලර් මිලියන 400ක වියදමින් ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කළ උත්සව ශාලාවේ (ballroom) වැඩකටයුතු අත්හිටුවීමට ඇමරිකානු අධිකරණයක් නියෝග කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩ ලබාගැනීම වෙනුවෙන් පසුගිය වසරේදී ජනාධිපතිවරයා විසින් ධවල මන්දිරයේ ඓතිහාසික නැගෙනහිර අංශය (East Wing) කඩා බිඳදමන ලදී.
වොෂින්ටන්හි දිස්ත්‍රික් විනිසුරු රිචඩ් ලියොන් විසින් මෙම මූලික වාරණ නියෝගය ලබාදී තිබේ.
කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව නැගෙනහිර අංශය විනාශ කර ඉදිකිරීම් ආරම්භ කිරීම මගින් ට්‍රම්ප් සිය බලතල ඉක්මවා කටයුතු කර ඇති බවට ‘National Trust for Historic Preservation’ නැමති ලාභ නොලබන සංවිධානය සංවිධානය නඩු පවරා තිබිණි.
විනිසුරු ලියොන්ගේ මෙම තීරණය අනුව, වර්ග අඩි 90,000ක වටිනාකමකින් යුත් මෙම උත්සව ශාලා ව්‍යාපෘතිය කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලැබෙන තෙක් නතරවනු ඇත.
“කොංග්‍රස් මණ්ඩලය ව්‍යවස්ථාපිත අනුමැතියක් මගින් මෙම ව්‍යාපෘතියට ආශිර්වාද කරන තෙක් ඉදිකිරීම් නතර කළ යුතුයි” යනුවෙන් විනිසුරු ලියොන් සිය තීන්දුවේ සඳහන් කර තිබේ.
ට්‍රම්ප් පරිපාලනය වහාම මෙම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
මෙම තීන්දුවෙන් සුළු මොහොතකට පසු සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් ‘National Trust for Historic Preservation’ සංවිධානය විවේචනය කළ අතර, ඔහු පැවසුවේ ඔවුන් “අන්ත වාමවාදී පිස්සන් පිරිසක්” බවයි.
මෙම උත්සව ශාලාව ඇස්තමේන්තු කළ මුදලට වඩා අඩුවෙන්, නියමිත කාලයට පෙර සහ බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් නොකර ඉදිකරමින් පවතින බවත්, එය ලොව පවතින මෙවැනි ආකාරයේ හොඳම ගොඩනැගිල්ල වනු ඇති බවත් ජනාධිපතිවරයා එහිදී කියාසිටියේය.
පසුව තැබූ තවත් සටහනක ට්‍රම්ප් විනිසුරුවරයාගේ තීරණය විවේචනය කරමින් “ඔහු වැරදියි!” (He is WRONG!) යනුවෙන් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart