
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපදය පදනම් කරගත් RM Parks සමාගම ලබන මාසයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වාර්තා අනාවරණය කරයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් වෙන් කරන ලද ඉන්ධන පිරවුම්හල් 150ක් හරහා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා සමාගම පසුගිය ජුනි මාසයේදී වසර 20 ක ගිවිසුමක් අත්සන් කළේය.
ඒ අනුව, ලෝ ප්‍රකට Shell PLC සමූහය යටතේ ක්‍රියාත්මක වන RM Parks සමාගම ශ්‍රී ලංකාවේ සිව්වන ඉන්ධන සිල්ලර වෙළෙන්දා බවට පත්වනු ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඉන්දියානු තෙල් සමාගම (LIOC) සහ චීනයේ සයිනොපෙක් යන පාර්ශ්ව මේ වන විට රට තුළ ඉන්ධන අලෙවියේ නිරතව සිටියි.
අමෙරිකානු සමාගමට මුලින් තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 150ක් ලබා දෙන අතර, පසුව ඉන්ධන හල් 50ක් තනිවම විවෘත කිරීමට අවස්ථාව ලැබේ.
RM Parks සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එක් ඉන්ධන පිරවුම්හලක් සහ කොළඹ වැනි නාගරික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් බහුවිධ බෙදාහැරීමේ ස්ථාන ඉදිකරනු ඇත.
අගෝස්තු අගදී ඉන්ධන බෙදාහැරීම ආරම්භ කළ චීනයේ සයිනොපෙක් මෙන්ම, RM Parks වෙතද සිය ඉන්ධන වට්ටම් මිලකට විකිණීමට අවස්ථාව ලබාදෙන බවද වාර්තා අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart