
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුද්ධය අවසන් වී වසර 15 ක් ගතවී ඇතත්, යුක්තිය සහ සමාන අයිතිවාසිකම් අඛණ්ඩව ඉල්ලා සිටින ශ්‍රී ලාංකික ජනතාව ඇතුළුව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ ස්ථිර හවුල්කරුවකු ලෙස තමන් රැඳී සිටින බව අමෙරිකාව පවසයි.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් සපිරීම නිමිත්තෙන් නිල X ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චුන්ග් පවසන්නේ, එක්සත් අනාගතයක් සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහ බලාපොරොත්තුව පිළිබිඹු කරමින් අමෙරිකාව සියලුම ශ්‍රී ලාංකිකයන් සමඟ සහයෝගයෙන් සිටින බවයි.
“යුක්තිය, සමාන අයිතිවාසිකම් සහ අවස්ථා සඳහා ප්‍රවේශය අඛණ්ඩව සොයන අය ඇතුළුව, අපි ශ්‍රී ලාංකීය ජනතාව සඳහා ස්ථිර හවුල්කරුවකු ලෙස රැඳී සිටිමු” යනුවෙන් ද එහි සඳහන් කර තිබේ.
තිරසාර සාමය සහ ප්‍රගතිය සඳහා විවිධත්වය වැළඳ ගන්නා සමෘද්ධිමත් සහ සියල්ලන් ඇතුළත් අනාගතයක් කරා යන ශ්‍රී ලංකාවේ ගමනට සහය දැක්වීමට අමෙරිකාවේ කැපවීම යළිත් තහවුරු කරන බව ද එහි සඳහන් වේ.
මෙරට අමෙරිකානු තානාපතිවරිය මෙම සතියේ ශ්‍රී ලංකාවේ උතුරේ සංචාරය කර ඇති අතර විවිධ පුද්ගල කණ්ඩායම්වල නියෝජිතයින් හමුවිය.
ඇයට මුණගැසුණු පුද්ගලයන් අතර අතුරුදන්වූවන්ගේ පවුල්, හිටපු සටන්කරුවන් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගත් හිටපු රැඳවියන් ද විය.
“අදටත් බොහෝ ශ්‍රී ලාංකික පුරවැසියන් දිගින් දිගටම තර්ජනවලට මුහුණ දෙති. ආදරණීයයන් අනුස්මරණය කිරීමට සෑම පවුලකටම අයිතියක් ඇත. ඔවුන්ගේ කතා සාමකාමී, කල්පවත්නා දේශපාලන විසඳුමක අවශ්‍යතාව පිළිබඳ සංවේදී මතක් කිරීම්” ඇය පැවසුවාය.
එමෙන්ම උතුරේ ආර්ථික සංවර්ධනය සහ සමාජීය ගැටලු සාකච්ඡා කිරීමට අමෙරිකානු තානාපති ජූලි චුන්ග් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් ද හමුවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart