
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එවන ලද විද්‍යුත් තැපැල් පණිවිඩය මගින් කියවී ඇත්තේ වාහනයක සවිකළ බෝම්බයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ පුපුරුවා බව යැයි දැනගන්නට තිබේ.
එම හේතුව නිසා බෝම්බ නිශ්ක්‍රීය අංශය ඇතුළු අංශ ගණනාවක් පෙරවරු 10.00ට පමණ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අද (28) පෙරවරුවේ දැඩි සෝදිසි කිරීමට ලක් කළේය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකර තිබූ පණිවිඩය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා පොලීසියට කළ දැනුම් දීමකට අනුව සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමට පොලිස් නිල සුනඛයන්ද යොදා ගෙන තිබිණි.
බෝම්බ නිශ්ක්‍රීය අංශය ඇතුළු සෝදිසි කිරීමේ කණ්ඩායම් පැමිණීමත් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව වසා දැමීමට කටයුතු කර තිබුණේ සේවා ලබාගැනීමේ අපේක්ෂාවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලට ජනතාව පැමිණීම වළක්වා ගැනීම සඳහාය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට වාහනවලින් පැමිණෙන නිලධාරීන්ට හා සේවකයන්ට වාහම තම තමන්ගේ වාහන අසළට පැමිණෙන ලෙස ද පොලීසිය දැනුම් දී තිබිණි.
මේ හේතුවෙන් වාහන හිමි සියලු දෙනා රාජකාරි කටයුතු අතරමග නතරකර ඔවුන්ගේ වාහන අසළට පැමිණ සිටිනු දකින්නට ලැබිණි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart