
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලදී නිලධාරීන් වැරදි පාර්ශවයන්ගෙන් තොරතුරු ලබාගෙන ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය එම විමර්ශනය ප්‍රශ්න කර තිබේ.
එජාප මුලස්ථානයේ පැවැති ජනමාධ්‍ය හමුවක් අමතමින් එජාප සාමාජිකයන් පිරිසක් කියාසිටියේ, රනිල් වික්‍රමසිංහගේ එංගලන්ත සංචාරයට අදාළ වියදම් පිළිබඳ තොරතුරු ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් ලබාගන්නවා වෙනුවට, බ්‍රිතාන්‍ය රජයෙන් හෝ වොල්වර්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලයෙන් ලබාගත යුතුව තිබූ බවයි.
මෙම සංචාරය අතරතුර රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත ගොස් නොමැති බව පෙන්වා දුන් එම පක්ෂය, සංචාරයට අදාළ ඕනෑම සාක්ෂියක් එකතු කරගත යුතුව තිබුණේ ඒ සඳහා ආරාධනා කළ හෝ පහසුකම් සැලසූ ආයතනවලින් බව තර්ක කළේය.
එමෙන්ම, සාක්ෂි එකතුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පස්දෙනෙකු බ්‍රිතාන්‍යය බලා පිටත් කර හැරීමට ගත් තීරණය ද එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කළ අතර, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ මාස පහකට පෙර ඉල්ලීමක් කර තිබුණද, මෙම විමර්ශන චාරිකාව සඳහා වැයවූ මුදල මෙතෙක් හෙළිකර නොමැති බවද ඔවුහු කියාසිටියහ.
මෙම විමර්ශනය වෙනුවෙන් දරන ලද වියදම් සහ සාක්ෂි එකතු කිරීමට පදනම් කරගත් කරුණු සම්බන්ධයෙන් විනිවිදභාවයක් තිබිය යුතු බවට පක්ෂය වැඩිදුරටත් කියා සිටියි.
මෙම චෝදනා එල්ල වී ඇත්තේ 2023 සැප්තැම්බර් මාසයේදී වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ සිදු කළ සංචාරයකට අදාළව වන අතර, එහිදී ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත ගෞරව මහාචාර්ය ධුරයක් පිරිනමනු ලැබීය.
රාජ්‍ය මුදල් භාවිත කරමින් සිදුකළ මෙම සංචාරය, ශ්‍රී ලංකාවට කිසිදු ප්රත්යක්ෂ ප්‍රතිලාභයක් අත්කර නොදුන් පෞද්ගලික සංචාරයක් වුවද, එය නිල රාජ්‍ය සංචාරයක් ලෙස පෙන්වා දෙමින් පොදු දේපළ අවභාවිත කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart