
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුරු ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (19) සිදු කෙරුණු අතර එහිදී සමගි ජන බලවේගයේ සිට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්ට අනුරාධපුර දිස්ත්‍රික් එජාප සංවිධායකවරයෙක් ලෙස පත්වීම ප්‍රදානය කෙරිණි.
මීට අමතරව හිටපු අමාත්‍ය පී.හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.බී.ඒකනායක යන අය අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකයෝ ලෙස පත්වීම් ලිපි ලබාගත්හ.
ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම, හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.දේවක වීරසිංහ පත්වීම් ලිපි ලබාගත්හ.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර , ජාතික සංවිධායක සාගල රත්නායක , කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක , හිටපු අමාත්‍ය විජිත් විජියමුණි සොයිසා මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සහ වෙනත් දේශපාලන පක්ෂ සහ සංවිධාන වල නායකයෝ මීට සහභාගී වූහ.
මේ අතර කලාප සංවිධායකවරුන් 295 දෙනකු වෙනුවෙන් පත්වී ලිපි ප්‍රදානය ද මෙහිදී සිදුවිය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart