
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එකතුවී වැඩකිරීමේ වැඩපිළිවෙළ මුවාවෙන් සමහර නායකයන් මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ කූට උත්සාහයක නිරතවීම හේතුවෙන් එම එකතුවීමේ වැඩපිළිවෙළ අසාර්ථක වීමේ තැනකට තල්ලුවීමේ අවදානමක් මතුව ඇතැයි ‘ලංකාදීපය’ වාර්තා කරයි.
එම වාර්තාවේ මෙසේද දැක්වේ.
‘මේ තත්වය යටතේ පක්ෂ දෙක එකට එකතු වී වැඩකිරීමේ වැඩපිළිවෙල අවංකභාවයෙන් සිදුවන වගක් නොපෙනෙන බවට එම පක්ෂ දෙකේ බොහෝ ක්‍රියාකාරීහු චෝදනා කරති.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පසුගියදා පැවැත්වුණු අතර පක්ෂ දෙකේ හවුල සම්බන්ධයෙන් සාමාජිකයෝ පිරිසක් එහිදී දිගින් දිගටම පක්ෂ නායකත්වයෙන් ප්‍රශ්න කළහ.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ එම කටයුතු තමාගේ මූලිකත්වයෙන් සාර්ථකව සිදුවන බවයි.
තමන්ට තනිව ගොස් ජයග්‍රහණය කළ හැකි වෙතැයි සමහර නායකයන් විශ්වාසය තබාගෙන සිටින හෙයින් එකට එකතුවී වැඩකිරීමේ වැඩපිළිවෙළට එම මානසිකත්වය විශාල බාධාවක් මතුව ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පක්ෂ දෙක එකට එකතුවීමෙන් තොරව මේ මට්ටමේ ජයග්‍රහණයක් ලබාගත නොහැකි බව එම පක්ෂ දෙකේ පහළ සාමාජිකයන් බහුතර පිරිසක් පක්ෂ නායකත්වයන්ට යළි වරක් පෙන්වාදී ඇත.
මේ අතර ඇතැම් නායකයන් වෙනත් අය ඉස්මතු වී තමන්ට නායක පුටු අහිමි වේ යැයි යන බියෙන් එජාප සජබ සන්ධානයට දැඩි අකැමැත්තක් දක්වන බව පෙනී ගොස් ඇතැයි ආරංචි මාර්ග පවසයි.’
දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ, ලංකාදීපය ගෙන එන මෙම වාර්තාව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ මතය නියෝජනය කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart