April 16, 2026

පොලිසියට ඔත්තු දුන්නැයි ඇති වූ සැකයක් මත හිටපු යුද හමුදා මේජර්වරයකුගේ නිවසට තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු නාඳුනන පුද්ගලයන් පිරිසක් ඊයේ (15) රාත්‍රී නිවසට ගිනි තබා පලා ගොස් ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

එම අවස්ථාවේ නිවසේ රැඳී සිටි මේජර්වරයාගේ මිතුරකුට ද පැමිණි පිරිස තියුණු ආයුධවලින් පහරදී ඇති බවත් ඔහු තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත්ව ඇති බවත් පැවසේ.

නාඳුනන පුද්ගලයන් නිවසට කඩා වදින අවස්ථාවේදී මේජර්වරයා සිය මවත් රැගෙන කාමරයකට වැදි සැඟවී ඇතැයි පොලිසිය ප්‍රකාශ කර තිබේ.