
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක නිවසේ නාන කාමරය තුළ ඇද වැටී බරපතල තුවාල මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
එසේ මියගොස් ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක වූ මහනුවර හන්දෙස්ස ප්‍රදේශයේ පදිංචි එච්.එම්.එල්.ඩී. ජයතිලක නැමැති 24 හැවිරිදි තරුණියකි.
ඇය එම විශ්වවිද්‍යාලයෙන් නිවාඩු ලබා දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත විභාගයක් සඳහා පාඩම් කරමින් සිටියදී එම අනතුරට මුහුණ දී තිබේ.
නාන කාමරයේ ඇද වැටීමෙන් ඇයගේ හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මියගොස් ඇති අතර ගලහා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart