
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළින් ඩෙංගු රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වුවහොත්, සෞඛ්‍ය අංශවල උපදෙස් මත අදාළ විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.
ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, සෞඛ්‍ය අංශවල නිර්දේශ හා උපදෙස් මත එළැඹෙන 13 වැනිදා නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට රට තුළ පවතින තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:
“ඩෙංගු වසංගත තත්ත්වයක් මේ මොහොතේදී ජාතික මට්ටමෙන් පවතින බව සෞඛ්‍ය අංශ විසින් නිවේදනය කර තිබෙනවා. ඒ වගේම අධි අවදානම් දිස්ත්‍රික්ක කිහිපයක් ද හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ආයතන ඩෙංගු වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මේ වනවිටත් පියවර කිහිපයක් ගෙන තිබෙනවා.”
පවතින අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දැනටමත් සියලුම විශ්වවිද්‍යාල වෙත විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart