
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගම්පහ, වීරඟුල පොලිස් ස්ථානයේ නිස්කාශන වාර්තා සහ පැමිණිලි පිටපත් නිකුත් කිරීමේ රාජකාරියේ යොදවා සිටි ආධුණික කාන්තා – කොස්තාපල්වරිය එම පොලිසියේ රාප්තාරියේ නිරතව සිටින කාන්තා නිලධාරිනියන් සමග ගැටුමක් ද ඇතිකරගෙන නිල ඇදුම පිටින්ම කුලී ත්‍රිරෝද රථයක නැගී පෙරේදා (21) පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙම ආධුනික කොස්තාපල්වරිය පොලිස් නිෂ්කාශන වාර්තා සහ පැමිණිලි පිටපත් නිකුත් කිරීමේදී පාලන අංශයේ ස්ථානාධිපතිවරයාගේ අත්සන ඊට යොදාගත යුතු වුවත් ඇය පාලන අංශයේ ස්ථානාධිපතිවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා එම වාර්තා නිකුත් කර තිබෙන බව ද පොලිසිය පවසයි.
පාලන අංශයේ ස්ථානාධිපතිවරයා මේ බව පොලිස් පොත්වල සටහන් ද යොදා ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පොත්වල යොදා ඇති මෙම සටහන් දැකීමෙන් පසු මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරිය පොලිස් ස්ථානය තුළ කලහකාරි ලෙස හැසිරෙමිත් සෙසු කාන්තා නිලධාරිනියන් සමග ද ආරවුලක් කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට තිබේ.
මෙම සිද්ධියට අදාළව සවිස්තර තොරතුරු වාර්තාවක් පොලිස් මූලස්ථානයට ද දී තිබෙන බව වීරගුල පොලිසිය කියයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart