Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ නව පාලනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ යෝජනාවක් සම්මත කර ඇත.
ජිනීවා සැසිවාරයේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ මෙම යෝජනාව, ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ පිළිබඳ සාක්ෂි එක්රැස් කිරීම අරමුණු කරගත් යාන්ත්‍රණයක වරම තවත් වසරකින් දීර්ඝ කරයි.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නියෝජිතයා මෙසේ අදහස් දැක්විය.
“ජනතාවගේ අභිලාෂයන්ට අනුකූලව, ආර්ථික බිඳවැටීමට මුලික වූ වැරදි කළමනාකරණය සහ දූෂණය පිළිබඳ ගැටළු විසඳීම ඇතුළුව අඛණ්ඩතාව සහ සදාචාරාත්මක පාලනය සඳහා රජය ප්‍රමුඛත්වය දෙනු ඇත.
රජය අතීත ගැටළු විසඳීම ඇතුළුව සියලුම පුරවැසියන්ගේ ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කරනු ඇත. සංහිඳියාව, වගවීම සහ යුක්තිය සම්බන්ධයෙන් කටයුතු කරන දේශීය යාන්ත්‍රණ සහ ක්‍රියාවලීන් ව්‍යවස්ථාමය රාමුව තුළ විශ්වසනීය හා ස්වාධීන වන අතර ජනතා විශ්වාසය ඇති සත්‍ය සහ ප්රතිසන්ධාන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වනු ඇත. ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි ‘අපගේ අරමුණ දේශීය යාන්ත්‍රණයන් විශ්වාසදායක සහ ශක්තිමත් බවට පත්කිරීමයි.
ජනාධිපතිවරයා විසින් කියූ පරිදි අතීතයේ සිට විභාග වෙමින් පවතින පැහැදිලිව හඳුනාගත් වගවීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන දෙගුණ කරන බව ජනාධිපතිවරයා, විමර්ශන බලධාරීන් දැනටමත් නිවේදනය කර ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට යුක්තිය ඉටු වනු ඇත.
අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අපගේ ගිවිසුම් බැඳීම්වලට අනුකූලව වෙනස් කොට සැලකීමකින් තොරව සියලු දෙනාටම විවිධත්වයට සහ සමාන පුරවැසිභාවයට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් සඳහා රජය කැපවී සිටී. මේ සඳහා පරිපාලන, දේශපාලන හා මැතිවරණ ක්‍රියාවලීන් සක්‍රීය කෙරේ…”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart