
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික කම්කරු සංවිධානය (ILO) පවසන්නේ පාකිස්තානයේ ශ්‍රම වෙළඳපොළ තවමත් කොවිඩ්-19 වසංගත හා ආර්ථික අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වී නොමැති අතර, රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව මේ වසරේ මිලියන 5.6 දක්වා ළඟා වනු ඇති බවයි.
එය 2021 වර්ෂයේ වාර්තා වූ සංඛ්‍යාවන්ට වඩා මිලියන 1.5 ක වැඩිවීමකි.
මෙම ඇස්තමේන්තුව 2023 දී IMF හි ප්‍රක්ෂේපිත විරැකියා අනුපාතය වන 8.5% ප්‍රතිශතයට සමාන බව දැකගත හැකිය.
කාන්තා විරැකියා අනුපාතිකය පිරිමි අනුපාතය මෙන් 1.5 ගුණයක් වන අතර එය සියයට 11.1 ක ඉහළ අගයකට ළඟා විය හැකි බව ILO අවධාරණය කරයි.
ILO ඇස්තමේන්තු වලට අනුව, 2023 දී පාකිස්තානයේ රැකියා-ජනගහන අනුපාතය එහි පූර්ව අර්බුද ප්රවණතා රේඛාවට වූ 47.6% ට වඩා බෙහෙවින් පහත වැටී ඇති අතර, රැකියා විරහිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 5.6 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අස්ථාවර දේශපාලන පරිසරයක් මධ්‍යයේ, කොවිඩ්-19 අර්බුදයේ කම්පනයෙන් සහ 2022 මහා ගංවතුරෙන් දැඩි පීඩාවට පත්වූ පාකිස්ථානයට, හිස එසැවීමේ මාවතක් මේ වන තුරුත් විවෘත්ත වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart