
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගණේමුල්ල සංජීව’ යන අයගේ සමීපතමයකු හෙරොයින්, කොකේන් ජිව උණ්ඩ, ඩෙටනේටරය රහිත අත්බෝම්බ සහ යුධ හමුදා නිල ඇඳුම් කොටස් සමඟ විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත.
ජූනි 20 වැනිදා හෝමාගම ‘චමිල කොටා’ නමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධෙයෙන් රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක හිටපු යුධ හමුදා කපිතාන්වරයකුවන ඔහු, අත්අඩංගුවට ගත් භාණ්ඩ සමඟින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහබාගේ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (20) මහබාගේ පොලිස් වසමේ අංක 05ඒ/17, තාප්පහේන වත්ත, ඇලපිටිවල, රාගම ලිපිනයේ දී මෙම වැටලීම සිදුකර ඇත.
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 620, කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලි ග්‍රෑම් 550, පිස්තෝල (9mm) උන්ඩ 285, T56 (7.62×39mm) උණ්ඩ 02, M16 (5.56×45mm) උණ්ඩ 28, බෝර 12 උණ්ඩ 06, ඩෙටනේටරය නොමැති අත්බෝම්බ 04, යුධ හමුදා නිල ඇඳුම් කමිස 08, යුධ හමුදා නිල ඇදුම් කලිසම් 11ක් ඔහු සතුව තිබී අත්අඩංගුවට ගත් භාණ්ඩ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart