
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වයසට සරිලන බර නොමැති(කෘශ) පාසල් දරුවන්ගේ ප්‍රතිශතය පෝෂණ මාසයේ දත්ත අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේදී සියයට 19.5 සිට 21.0 දක්වා වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය මඟින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.
2022 වර්ෂයේ පෝෂණ මාසයේ දත්ත අනුව වයසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සියයට 19.5කි.
එහෙත් 2023 වර්ෂයේ පෝෂණ මාසයේදී මෙම ප්‍රතිශතය සියයට 21.0 දක්වා වැඩි වී ඇති බවද මෙකී වාර්තාවේ සඳහන් වේ.
වයසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය වැඩි වී ඇත්තේ 1, 4, 7, 10 යන ග්‍රේණිවල ඉගෙනුම ලබන පාසල් දරුවන්ගේ බවද මෙම වාර්තාව මඟින් පෙන්වාදී ඇත.
නුවරඑළිය, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව්, වවුනියා, කෑගල්ල, රත්නපුර, හම්බන්තොට, කොළඹ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල වයසට සරිලන බර නොමැති පාසල් දරුවන්ගේ ප්‍රතිශතය 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේදී වැඩි වී ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
වයසට සරිලන බර නොමැති පාසල් දරුවන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් 2023 වර්ෂයේ පෝෂණ මාසයේදී වාර්තා වන්නේ හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර, එම ප්‍රතිශතය සියයට 32.4ක් බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart