
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගරාජයක් පවත්වාගෙන යන මුවාවෙන් මහරගම පන්සල පාරේ හත්වන පටුමගේ ඉඩමක කලක සිට ඉතා සූක්ෂ්මව පවත්වාගෙන ගිය භූගත නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වටළා එහි තිබූ ගෝඩා මිලිලීටර් පන්ලක්ෂ හතළිස් දහසක් සමඟ එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ, යුක්තිය මෙහෙයුම යටතේ මහරගම පොලිසිට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් ගෝඩා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්න බවයි.
වැටළීම සිදුකරන අවස්ථාවේදී සැකකරු ගෝඩා නිෂ්පාදනය කරමින් සිට ඇති අතර, එම අවස්ථාවේදී පොලිසිය දැක සැකකරු පළායෑමට උත්සාහ කිරීමත් සමඟ ඔහු පසුපස පොලිසිය ලුහුබැඳ අත්අඩංගුවට ගෙන නිෂ්පාදනය කරමින් තිබූ ගෝඩා මිලිලීටර් 540,000ක් පොලිස් භාරයට ගත් බව පැවැසේ.
සැකකරු ඔහුගේ පුතාට අයත් ගරාජයක කලක සිට ඉතා සූක්ෂ්මව පොළොව යට වළලා මෙම නීති විරෝධී මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර, මෙම කසිප්පු ඉතා සූක්ෂ්මව මහරගම, මිරිහාන, බත්තරමුල්ල, කොට්ටාව, කැස්බෑව හා බොරලැස්ගමුව ප්‍රදේශවලට බෝතලයක් රුපියල් 1,200 බැඟින් අලෙවි කර තිබේ.
සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් වරදකරු වූ පුද්ගලයකු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් (65) හැවිරිදි සැකකරු ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart