May 13, 2026

ඕස්ට්‍රේලියානු කාන්තාවකට ප්‍රතිකාර ලබා දීමේදී ලිංගික අතවර කිරීමේ චෝදනාව මත උණවටුන සංචාරක පොලිසිය විසින් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක 38 හැවිරිදි සේවකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

උණවටුන ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන සැකකරු, මැයි 6 වැනිදා චිකිත්සාව ලබා දෙන අතරතුර සංචාරක කාන්තාවට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී තිබේ.

සංචාරක පොලිස් කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව, නිලධාරීන් පරීක්ෂණයක් පවත්වා සැකකරු ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.