
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යැන් 6 ලබන මාසයේ කොළඹ වරායේ නැංගුරම් ලෑමට මෙරට රජය අවසර දී නොමැති බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි ප්‍රකාශ කර ඇතත්, එම නෞකාව ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබෙන බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය අනාවරණය කර ඇත.
මෙරට නැංගුරම් ලෑමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මිශ්‍ර සංඥා නිකුත් කරන බවත්, එම පර්යේෂණ නෞකාව ඉන්දියානු සාගරයට ඇතුළු වී ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබෙන බවත්, හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.
2019 වසරේ සිට මේ දක්වා චීන පර්යේෂණ නෞකා 48ක් ඉන්දියානු සාගරයට ඇතුළු වී බෙංගාල බොක්ක ආසන්නයේ නැංගුරම් ලෑමට කටයුතු කර තිබෙන බව එම පුවත්පත වාර්තා කර ඇත.
ෂී යැන් 6 නෞකාවට කොළඹ වරායේ නැංගුරම් ලෑමට මෙරට රජය අවසර දී නොමැති බව විදේශ ඇමැතිවරයා පසුගිය 25 වැනිදා ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇති බවද හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී සිදු කිරීමට නියමිත චීන සංචාරය අතරතුරදී හෝ සංචාරයෙන් පසුව කොළඹ වරායේ නැංගුරම් ලෑමට මෙම නෞකාවවට ඉඩ දෙනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය ශ්‍රී ලංකාව ගැනීමට ඉඩ තිබෙන බව එම පුවත්පත වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart