
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ පැවැත්වෙන 23 වැනි ආසියානු කරාතේ ශූරතාවලියට සහභාගී වීම සඳහා ඊයේ (02) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රී ලංකා කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වීසා නොලැබීම හේතුවෙන් ගයෑමට නොහැකි විය.
ගුවන් යානය පිටත් වන විටත් වීසා නිකුත් කර නොතිබූ අතර, මේ නිසා කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී කණ්ඩායම සැළකිව යුතු අපහසුතාවකට මුහුන දී තිබිණි.
ශූරතාවලිය සැප්තැම්බර් 5 සිට 7 දක්වා චීනයේ පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙකු සහභාගී වීමට සුදුසුකම් ලබා තිබිණි.
ගුවන් ටිකට්පත්, වීසා සහ අනෙකුත් සැපයුම් වැනි වියදම් පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකා කරාතේ-දෝ සම්මේලනය විසින් සෑම ක්රීඩකයකුගෙන්ම රුපියල් 580,000ක් අය කර ඇති බව වාර්තා වේ.
අද උදෑසන වන විට වීසා ලබා දෙන බවට සම්මේලනයේ නිලධාරීන්ගෙන් සහතිකයක් ලැබුණද, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තවමත් ගුවන් තොටුපළේ රැඳී සිටින ලෙස උපදෙස් දෙන ලදී.
කෙසේවෙතත්, නියමිත වේලාවට අවශ්‍ය වීසා ලබා ගැනීමට සම්මේලනය අපොහොසත් වූ බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු බිඳ දමමින් ඊයේ පස්වරු 2:00ට චීනය බලා යන ගුවන් යානය ඔවුන් නොමැතිව පිටත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart