
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තානය විසින් එරට සිටින ඇෆ්ගන් ජාතිකයින් සහ රැකවරණ පතා පැමිණි සරණාගතයින් බලහත්කාරයෙන් පිටුවහල් කිරීමට පියවර ගැනීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) සිය දැඩි කනස්සල්ල යළිත් වරක් පළ කර තිබේ.
සරණාගතයින් ආපසු හරවා යැවීමේදී එය ස්වේච්ඡාවෙන් සිදුවන, ආරක්ෂිත මෙන්ම ඔවුන්ගේ ගෞරවය රැකෙන පරිදි සිදුවිය යුතු බව එම සංවිධානය අවධාරණය කරයි.
පාකිස්තාන රජය විසින් නීතිවිරෝධී ලෙස රැඳී සිටින ඇෆ්ගන් ජාතිකයින්ට රටින් පිටවීම සඳහා ලබා දී තිබූ කාලසීමාව ජූලි 10 වැනිදායින් අවසන් විය.
ඉන් අනතුරුව දේශසීමා හරහා ඇෆ්ගනිස්ථානය බලා යන පිරිස සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පාකිස්තානයේ ‘ඩෝන්’ පුවත්පතට අනුව, ලණ්ඩි කෝටල් හි හම්සා බාබා සංක්‍රමණික මධ්‍යස්ථානය හරහා දිනකට ඇෆ්ගන් ජාතිකයින් 10,000කට අධික පිරිසක් ආපසු යමින් සිටිති. මෙම අගය පසුගිය මැයි සහ ජූනි මාසවලට වඩා තුන් ගුණයක වැඩිවීමකි.
පාකිස්තානයේ UNHCR ප්‍රකාශක කයිසර් ඛාන් අෆ්රිඩි, දශක ගණනාවක් තිස්සේ ඇෆ්ගන් සරණාගතයින්ට රැකවරණය දීම පිළිබඳව පාකිස්තානයට ස්තූතිය පුද කළද, කිසිදු සරණාගතයෙකුගේ ජීවිතයට හෝ නිදහසට තර්ජනයක් පවතින රටකට ඔවුන්ව බලහත්කාරයෙන් හරවා නොයැවිය යුතු බව පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම මානව හිමිකම්වලට බරපතළ තර්ජන එල්ල වී ඇති ඇෆ්ගනිස්ථානය වැනි රටකට කාන්තාවන් බලහත්කාරයෙන් හරවා යැවීම පිළිබඳව සරණාගත ආයතනයේ දැඩි අවධානය යොමු වී ඇතැයිද ඔහු පැවසීය.
දේශසීමා නිලධාරීන් පවසන්නේ අත්අඩංගුවට පත්වීමට හෝ නින්දාසහගත ලෙස පිටුවහල් කරනු ලැබීමට ඇති බිය නිසා, වලංගු ලියකියවිලි සහිත සහ රහිත ඇෆ්ගන් වැසියන් දහස් ගණනින් දේශසීමා දෙසට ඇදෙමින් පවතින බවයි. පාකිස්තානය මෙම පිටුවහල් කිරීමේ මෙහෙයුම දැඩිව ක්‍රියාත්මක කිරීමත් සමඟ ඉදිරියේදී මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව, 2023 නොවැම්බර් මාසයේදී පාකිස්තානය මෙම මෙහෙයුම ආරම්භ කළ දා සිට මේ දක්වා ඇෆ්ගන් වැසියන් මිලියන 2.56ක් පමණ ආපසු ඇෆ්ගනිස්ථානය බලා ගොස් ඇත. ඉන් 260,000කට ආසන්න පිරිසක් වලංගු ලියකියවිලි නොමැතිකම නිසා පාකිස්තාන බලධාරීන් විසින් සෘජුවම පිටුවහල් කරනු ලැබූවන් වේ. තවමත් ඇෆ්ගන් සරණාගතයින් සහ රැකවරණ පතන්නන් 900,000ක් පමණ පාකිස්තානය තුළ රැඳී සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart