
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට නියමිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක MARC-ANDRE-FRANCHE අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂගෙන් තොරතුරු විමසා තිබේ.
ඒ අධිකරණ අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදීය.
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන වල අදහස් ලබාගෙන සකස් කළ බවත් , ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවත් අධිකරණ ඇමැතිවරයා පවසා ඇත.
යුද්ධයෙන් පසුව ජාතීන් අතර සහයෝගිතාව වර්ධනයා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද නේවාසික සම්බන්ධීකාරකවරයා අවධානය යොමු කර ඇත.
සත්‍ය සහ ප්‍රතිසංධාන කොමිසම ඇතුළු කාර්යයන් පිළිබඳව මෙහිදී ඔහුට කරුණු පැහැදිලි කර දී තිබේ.
අර්බුදය හමුවේ නමින් යථා තත්ත්වයට පත්වූ රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
දූෂණ විරෝධී පනත ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී අධිකරණ ඇමැතිවරයා ඔහුට කරුණු පැහැදිලි කර දුන් බව අධිකරණ අමාත්‍යාංශය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart