
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලයන් මූලික කරගනිමින් කාන්තාවන්ගේ සහ ළමුන්ගේ පෞද්ගලික ඡායාරූප හා ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ මුදලට අලෙවි කිරීමේ නීතිවිරෝධී මාර්ගගත ජාවාරමක් ක්‍රියාත්මක වන බවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මගින් දැඩි ලෙස අවධානය යොමුකර ඇත.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සිදුකරන ලද අනාවරණයන්ගෙන් පසුව, මූලික විමර්ශන වාර්තා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ පොලිස් කාර්යාංශය සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
ව්‍යාජ ගිණුම් හරහා සිදුකරන ලද විමර්ශනවලදී, ඇතැම් පුද්ගලයන් තමන් හඳුනන අයගේ පමණක් නොව තමන්ගේම පවුලේ කාන්තා සාමාජිකයන්ගේ පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ පවා අලෙවි කිරීමට උත්සාහ කර ඇති බව අනාවරණය වී තිබේ.
මෙම ෆේස්බුක් සමූහයන් රැසක් විදේශයන්හි සිට ක්‍රියාත්මක වන අතර එමගින් විමර්ශන කටයුතු වඩාත් සංකීර්ණ වී ඇත.
තම දරුවන් සමාජ මාධ්‍ය භාවිත කරන ආකාරය සහ ඔවුන් අන්තර්ජාලය ඔස්සේ ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳ දැඩි සෙවිල්ලෙන් පසුවන ලෙස අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
දරුවන් නිවස තුළ සිටියදී වුවද මෙවැනි ඩිජිටල් ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතින බවට ද අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙවැනි අන්තර්ජාල අපරාධ නිසා පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සඳහා 1938 සහ 1929 යන නොමිලේ ඇමතිය හැකි දුරකථන අංක ඔස්සේ උපදේශන සහ නෛතික සහය ලබාගත හැක.
මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමටත්, කාන්තාවන් සහ ළමුන් සූරාකෑම වැළැක්වීමටත් රජය හදිසි නීතිමය පියවර ගනිමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart