
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වේ.
මානව හිමිකම් කොමසාරිස් ටර්ක් ජුනි 26 වැනි දින දක්වා මෙරට රැඳී සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසීය.
2016 පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයකු ශ්‍රී ලංකාවේ කරන පළමු සංචාරය මෙය වේ.
මෙම සංචාරය අතරතුර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය හමුවීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යවරයා, තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයන්, සිවිල් සමාජයේ නියෝජිතයන්, රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සමඟ ද ඔහු රැස්වීම් පවත්වන බව අමාත්‍යාංශය පැවසීය.
සංචාරයේ කොටසක් ලෙස, මහකොමසාරිස්වරයා මහනුවරට යන අතර එහිදී පූජනීය දළදා මාලිගාවට වැඳපුදා ගැනීමට සහ මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහනාහිමිවරුන් බැහැදැකීමට නියමිතය.
ඔහු යාපනය සහ ත්‍රිකුණාමලය වෙත ද යෑමට නියමිත අතර, එහිදී ඔහු උතුර සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවනු ඇත.
“ශ්‍රී ලංකා රජය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සමඟ අඛණ්ඩව කරගෙන යන ඵලදායී සම්බන්ධතාවයට අනුකූලව, මානව හිමිකම් සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම තවදුරටත් ඉදිරියට ගෙන යාම කෙරෙහි මෙම සංචාරය අතරතුර සැලකිය යුතු සාකච්ඡා අවධානය යොමුකරනු ඇත,” විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart