
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2024 වසර සඳහා වන සිය නවතම මානව සංවර්ධන වාර්තාවේ, ශ්‍රී ලංකාව ආසියාවේ සහ පැසිෆික් කලාපයේ ‘පාලනයේ කඩිසර බව පෙන්නුම් කරන’ රටවල් තුනෙන් එකක් ලෙස ලැයිස්තුගත කර ඇත.
විශාල බාධාවලින් තොරව, ඉන්දියාව සහ පිලිපීනය සමඟින්, නව තොරතුරු, අනපේක්ෂිත සිදුවීම් හෝ ප්‍රමුඛතා වෙනස් කිරීම සඳහා ප්‍රතිචාර දැක්වීමේ වේගය සහ කාර්යක්ෂමතාව පෙන්නුම් කරන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත.
2022 අර්බුදය දිශානතියේ ජාතික වෙනසක් සඳහා අවස්ථාවක් සැපයූ නමුත් පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය පසුව දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වූ අතර එය පුලුල්ව පැතිරුණු සිවිල් නොසන්සුන්තාවයට හේතුවිය.
කෙසේවෙතත්, මෙය ජනතාවගේ සමාජ තරාතිරම, ආගම හෝ දේශපාලන බැඳීම් නොසළකා විවිධ ක්‍රියාකාරීන්ට එකට එකතු වී වෙනසක් සඳහා බලපෑම් කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වාදෙයි.
“ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් කිරීම පාලනයේ ව්‍යුහාත්මක දුර්වලතා හෙළිදරව් කළ අතර එය අරාජික තත්ත්වයකට තුඩුදීමේ හැකියාවට මග පාදනු ලැබීය.
එහෙත් දේශපාලන වර්ණාවලියේ විවිධ කොටස් සමඟ සංවිධානාත්මක විරෝධතාකරුවන්ගේ සහ සිවිල් සමාජයේ සාමූහික ක්‍රියාමාර්ගය, ප්රජාතන්ත්රවාදී වටිනාකම් ආරක්ෂා කිරීමට සහ නව ආණ්ඩුවකට සාමකාමී සංක්‍රාන්තියක් සඳහා ඉවහල් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart