
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) සමාරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ උමාරා සිංහවංශගේ සොහොයුරිය වන උමාරියා සිංහවංශ අද (02) ඇයගේ ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කර ඇත්තේ, මේ මොහොතේ රටේ මෙම සිද්ධියට වඩා විශාල ප්‍රශ්න තිබෙන බවයි.
රටේ මෙතරම් විශාල ප්‍රශ්න පැවතියද ඔවුන් සෑම විටම විශාල කර පෙන්වීමට උත්සහ කරන්නේ අදාළ නොවන සුළු ප්‍රශ්න බව ඇය සටහන් කර ඇත.
“ඒත් මේක දැනගන්න, මගේ සහෝදරියට හොඳ හදවතක් තියෙනවා. ඒ වගේම මොහොතේ සිදුවෙමින් පවතින ඕනෑම දෙයක් ලැබීමට ඇය සුදුසු නැත.” යැයි උමාරියා පවසයි.
අන්තර්ජාලයේ සහ වෙනත් ස්ථානවල මිනිසුන්ට සමච්චල් කිරීම, හිරිහැර කිරීම සහ රිදවන ලෝකයක තවමත් ජීවත්වීම ගැන ලැජ්ජාවන බවද ඇය සඳහන් කර තිබේ.
තමන්ගේ සහෝදරියට කරුණාවන්ත වුණු අයට සහ ඔවුන් ලඟින් සිටි අයට කෘතඥවන බවද උමාරියා සිංහවංශ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart