
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේ දී ජාතික ගීය ගායනය හේතුවෙන් පීඩාවට හෝ සිත් රිදවීමකට ලක් වූ ඕනෑම අයෙකුගෙන් හෘදයාංගමව සමාව ඉල්ලා සිටින බව ගායන ශිල්පිනී උමාරා සිංහවංශ පවසයි.
ජාතික ගීය ගායනා කිරීමේදී තමන් විසින් සමහර වචන උච්චාරණය කරන ලද ආකාරය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇති වීම පිළිබඳ ඇගේ අවධානයට ලක් ව ඇතැයි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් උමාරා පවසයි.
ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිදු ආකාරයක වැරදි අර්ථකතනයක් සැපයීමට තමන් කිසිවිටෙක අදහස් නොකළ බවත් උමාර සිංහවංශ පවසන්නීය.
මාතෘ භූමියට ආදරය කරන ගායිකාවක වශයෙන් සෑම අවස්ථාවකදීම රටේ අභිමානය නඟා සිටුවීම සඳහා ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කර ඇති බවද ඇය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart