
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වේලි 02ක ඉදිකිරීම් ලබන ඔක්තෝබර් මාසයේදී අවසන් කරන බව මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.ජයලාල් පවසන්නේ මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලිය නිපදවීමට සැලසුම් කර ඇති බවයි.
2010 වසරේදී ඉරාන රජයේ සහයෝගය ඇතිව ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කළ නමුත්, එරටට පැනවූ සම්බාධක හේතුවෙන් ශ්‍රී ලංකා රජයේ මුදලින් එහි වැඩ නිමකිරීමට සිදු විය.
ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 530 කි.
මේ යටතේ පුහුල්පොල සහ දියෝරෝබා නමින් ජලාශ ඉදිකර ඇති අතර ඒවායේ ධාරිතාව ඝන මීටර් මිලියන 1.6 කි.
උමා ඔයේ අතු ගංගා දෙකක් හරස් කරමින් මෙම ජලාශ ඉදිකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart