May 2, 2024

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමග විදුලිබල මණ්ඩලයට දිනකට රුපියල් මිලියන 80ක පමණ ඉතිරියක් සිදු වන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ සුදර්ම ඇලකන්ද පවසයි.

ඒ අනුව මේ වනවිට උමා ඔය ව්‍යාපෘතිය මගින් විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 1,500ක පමණ ඉතිරියක් සිදුව තිබේ.

වෙනත් ප්‍රභවයන් මගින් විදුලිය නිෂ්පාදනයට වඩා මෙමගින් විදුලිය නිෂ්පාදනය ලාභදායි බව ද සුදර්ම ඇලකන්ද සඳහන් කරයි.

උමා ඔය ව්‍යාපෘතිය මාසයක් පමණ කාලයක් ක්‍රියාත්මක කෙරිණි.

2007 වසරේ නොවැම්බර් 27 වැනි දා අත්සන් කළ ගිවිසුමකට අනුව උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2008 වසරේ අප්‍රේල් 21 වැනිදාය.

එම සංවර්ධන යෝජනා ක්‍රමය පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණේ රනිල් වික්‍රමසිංහ සහ ඉරානයේ ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි යන ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි.