
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැණුනු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු මල්ලකම් මහේස්ත්රාත් අධිකරණය විසින් මුදාහැර තිබේ.
ත්රස්ත විමර්ශන කොට්ඨාසය විසින් පැය 72 ක කාලයක් රැඳවුම් නියෝග මත තබාගෙන ප්රශ්න කිරීමෙන් අනතුරුව, සැකකරු ඊයේ මල්ලකම් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කළේය.
මෙම නඩුව 2026 නොවැම්බර් 12 වන දින නැවත කැඳවීමට නියමිතය.
යාපනය, සන්දිලිපායි හි මසියපිට්ටි ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි මෙම සැකකරු, ඔක්තෝබර් 26 වනදා රාත්රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත සංවිධානය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට අදාළව, 2015 වසරේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය පවසයි.
අනතුරුව ඉන්දීය අධිකරණයක් විසින් ඔහු වරදකරු කර වසර 10 ක සිරදඬුවමක් නියම කර තිබිණි.
ඔහුගේ සිරදඬුවම් කාලය අවසන් වීමෙන් පසු මෙරටට පිටුවහල් කර ඇති අතර, ශ්රී ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පැය 72 ක රැඳවුම් නියෝගයක් මත තබාගෙන ප්රශ්න කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart