October 30, 2026

පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ කුසුම්ගම සිටි වන අලි පැටවෙකු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත ආරක්ෂිතව රැගෙන ගොස් තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, මෙම අලියා ඊයේ එම ස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

උඩවලව ඇත් අතුරු සෙවණ භාර වනජීවී පශු වෛද්‍ය මාලක කසුන් අබේවර්ධනගේ අධීක්ෂණය යටතේ අලියාට ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම ස්ථානයේදී මෙම අලියාට තවදුරටත් අවශ්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර සහ රැකවරණය ලබා දෙනු ඇත.