
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුරෝපා සංගමය ක්‍රියාත්මක කරන GSP+ තීරු බදු සහනයට සමාන ආකාරයෙන් එක්සත් රාජධානියද (බ්‍රිතාන්‍යය) අද(2023 ජුනි 19) සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් වෙළඳ සහන යෝජනා ක්‍රමයක් (DCTS) ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට අනුව, තීරුබදු අඩු කිරීම් සහ සරල වෙළඳ කොන්දේසි සපයන එක්සත් රාජධානියේ DCTS සහනය වෙතින් ප්‍රතිලාභ ලබන රටවල් 65න් එකක් ලෙස ශ්‍රී ලංකාවද නම්කර තිබේ.
මහ කොමසාරිස් කාර්යාලයට අනුව මෙම යෝජනා ක්‍රමය මඟින් ශ්‍රී ලංකාවට සිය අපනයන භාණ්ඩවලින් සියයට 92ක් තීරුබදු රහිතව එක්සත් රාජධානිය වෙත වෙළඳාම් කිරීමට ඉඩ සලසන අතර, එය එක්සත් රාජධානියේ වෙළඳපොලේ ශ්‍රී ලංකා නිෂ්පාදනවල තරඟකාරිත්වය වැඩි කිරීමට හේතුවනු ඇත.
මෙම යෝජනා ක්‍රමය පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද අතර, එය බලාත්මක කිරීමට දැන් නීති සම්පාදනය කර ඇති බවද මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart