
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව අද (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර අධිකරණය හමුවේ පෙනීසිටියේය.
මහේස්ත්‍රාත් පසන් අමරසේන පෙර කළ නියෝගයකට අනුව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙලෙස අධිකරණය හමුවේ පෙනීසිටි අතර, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනයක් ඉල්ලා සිටි පසුබිමක අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සුරේෂ් සලේගේ වෛද්‍ය ප්‍රතිකාරවල වත්මන් තත්ත්වය පිළිබඳව අධිකරණයට කරුණු පැහැදිලි කළේය.
සුරේෂ් සලේ දින 100 කට වැඩි කාලයක් ජාතික රෝහලේ රැඳීසිටීම කුමන්ත්‍රණකාරී ස්වභාවයකින් යුක්ත බවට තමා මීට පෙර දැක්වූ ස්ථාවරයේ වෙනසක් නොමැති බව පැවසූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා රජයේ නිලධාරියෙකු බැවින් ඔහු වෙනුවෙන් ද අද දිනයේදී අධිකරණයේ පෙනීසිටින බව ප්‍රකාශ කළේය.
වෛද්‍යවරුන් නවදෙනකුගෙන් යුත් විශේෂ මණ්ඩලයක් විසින් සලේගේ ප්‍රතිකාර තත්ත්වය පිළිබඳව සකස් කරන ලද වෛද්‍ය වාර්තාවක් ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් මෙහිදී මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදී.
රුපියල් ලක්ෂ 40 ක පමණ වියදමින් සලේගේ හෘද වස්තුවේ ඉදිමීමට අදාළව උපකරණයක් සවිකර ඇති බවත්, මේ වන විට ඔහුට දන්ත ප්‍රතිකාර ද ලබාදෙමින් සිටින බවත් පෙන්වාදුන් ඔහු, එම ප්‍රතිකාර හේතුවෙන් දැනට ඔහුව රෝහලේ රඳවාගෙන සිටින බව පැවසීය.
මෙතෙක් කාලයක් හෘද රෝග ප්‍රතිකාර අංශයේ දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටි සුරේෂ් සලේව, අධිකරණයේදී කරුණු මතු කිරීමෙන් පසුව ඊයේ දිනයේදී සාමාන්‍ය වාට්ටුවට මාරුකර ඇති බවත්, මේ වන විට 42 වැනි වාට්ටුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ ඔහුව රඳවාගෙන සිටින බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අනාවරණය කළේය.
මෙම තත්ත්වය පිළිබඳව වෛද්‍ය කමිටුව විසින් පරීක්ෂා කර සැප්තැම්බර් 28 වැනි සඳුදා වන විට තීරණයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, සැකකරුට වධහිංසා කිරීමේ හෝ ප්‍රතිකාර අහිමි කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති අතර අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම, සුරේෂ් සලේ මේ වන තෙක්ම සිය ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුරපද (passwords) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී නොමැති බවත්, ඔහු දිගින් දිගටම විමර්ශන මගහරිමින් සිටින බවත් සිහිපත් කළ දිලීප පීරිස්, මෙම විමර්ශන සඳහා ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ සහයෝගය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් සෘජුවම ප්‍රශ්න කරමින්, මෙබඳු රෝගී තත්ත්වයන් ඇති සාමාන්‍ය රෝගීන්ට සලකන්නේ කෙසේදැයි විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසූයේ, සාමාන්‍ය රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර ක්‍රමවේදයන්ම මොහුට ද ලබාදෙන ලෙස තමන් උපදෙස් දී ඇති බවයි. අයි.වී. ලයින් (එන්නත්) හරහා තවමත් ඖෂධ ශරීරගත කරමින් පවතින බවත්, එම එන්නත් ලබාදීමේ ප්‍රතිකාර අවසන් කර මුඛයෙන් ලබාගන්නා ඖෂධ දක්වා මාරු වූ පසු සලේට ජාතික රෝහලෙන් ලබාදෙන ප්‍රතිකාර අවසන් කර ඔහුව රෝහලෙන් පිටත් කර යැවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර පෙරේරා කරුණු දක්වමින් පැවසූයේ, අදාළ වෛද්‍ය වාර්තා අධ්‍යයනය කර ඉදිරියේදී ඒ පිළිබඳ අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම සුරේෂ් සලේ බුද්ධි නිලධාරියෙකු බැවින් ඔහු දිනපතා මුරපද මාරුකරන බවත්, එමනිසා සතියකට පෙර භාවිත කළ මුරපද මතකයේ නොරඳා පැවතීම අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.
ඊට වහාම ප්‍රතිචාර දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සලේව අත්අඩංගුවට ගත් මොහොතේ සිටම මුරපද පිළිබඳව විමසා සිටි බවත්, එහිදී මුලින් මෙම ලැප්ටොප් පරිගණකය තමාගේ දියණියගේ එකක් බව පැවසූ ඔහු, පසුව මුරපද ලබානොදී දිගින් දිගටම විමර්ශන මගහැර ඇති බවත් පෙන්වාදුන්නේය.
දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩුව නැවත ඔක්තෝබර් 21 වනදා කැඳවීමට නියෝග කළේය.
(මුලාශ්‍රය – whatnews.lk)


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart