
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය සැප්තැම්බර් 12 වැනි දින අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලියකදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුවී තිබේද යන්න පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව, පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිසිය පැවසීය.
කුප්‍රකට එයාර්බස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධ පැමිණිල්ලක් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර, විමල් වීරවංශගේ අදාළ ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් වන්නේ ද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම අදාළ කතාව ඇතුළත් සංයුක්ත තැටියක් (CD) ද ජනක බණ්ඩාර විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේය.
විමල් වීරවංශගේ ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් වන්නේද නැද්ද යන්න මෙම විමර්ශනය මගින් තීරණය කිරීමට නියමිතය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart