
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුක්රේන නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක යොමුකළ සුබපැතුම් සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සිය කෘතඥතාව පළකර තිබේ.
සිය ‘X’ ගිණුමේ ඒ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ, අන්‍යෝන්‍ය ගෞරවය සහ සාමය සහ සමෘද්ධිය සඳහා වූ පොදු කැපවීම මත පදනම් වූ ශ්‍රී ලංකාව සමඟ ඇති මිත්‍ර සබඳතා සහ සහයෝගීතාවය යුක්රේනය අගය කරන බවයි.
“අපගේ සබඳතා තවදුරටත් සංවර්ධනය සඳහා විභවයක් ඇති බවත්, දෙරටටම ප්රතිලාභ ගෙනදෙන බවත් අපට විශ්වාසයි,” ඔහු තවදුරටත් පවසයි.
යුක්රේන නිදහස් දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් යොමුකළ ලිපියක, දෙරට අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ දිගුකාලීන බැඳීම් ඔවුන්ගේ ජනතාවට සාමය, ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා ඔවුන්ගේ පොදු ලුහුබැඳීම තවදුරටත් ගැඹුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබිණි.
“වර්තමානයේ යුක්රේනය මුහුණදෙන අභියෝග සහ දුෂ්කරතා ඉක්මණින් විසඳා රටේ සාමය, සමගිය සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කරනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි,” ජනාධිපති දිසානායක වැඩිදුරටත් එහි පවසා තිබිණි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart