
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්රේනයේ ප්‍රධාන බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා වන කිරිලෝ බුඩනොව්ගේ බිරිඳ වන මරියානා බුඩනෝවා හට බැර ලෝහ විෂ වී දැනට රෝහල් ගත කර ඇති බව ආරක්ෂක බුද්ධි අංශයේ ආරංචි මාර්ග නොවැම්බර් අද තහවුරු කළේය.
මෙලෙස විෂ ශරීරගතවීම කළින්ම හඳුනාගෙන ඇති බැවින් අසාධ්‍ය වීමට පෙර ඇයට නිසි ප්‍රතිකාර ලබාදීමට හැකිවී ඇති බව වාර්තා සඳහන් කරයි.
ඒ අනුව මරියානාගේ තත්ත්වය සාමාන්‍ය මට්ටමක පවතින බව එරට රජයේ මූලාශ්‍රය හෙළිකර ඇත.
වෛද්‍යවරුන්ට අනුව, මරියානා අවම වශයෙන් සතියකට පසුව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තේ නම්, ප්‍රතිවිපාක වඩාත් නරක අතට හැරෙනු ඇත.
මරියානාට තවමත් වෛද්‍ය අධීක්ෂණය අවශ්‍ය නමුත් ඇගේ ජීවිතය අනතුරේ නැත.
ආහාර මගින් ඇයට විෂ ශරීරගත වන්නට ඇති බව විශ්වාස කෙරේ.
බුඩනොව්ගේ බිරිඳට විෂවීම පිළිබඳ විමර්ශනය සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart