
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියාව පවසන්නේ යුක්රේනය අඛණ්ඩව දෙවැනි රාත්‍රියේදීත් මොස්කව් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර ඇති බවයි.
අගනුවර ප්‍රධාන ගුවන්තොටුපොළ හතරම ආරක්ෂාව සහතික කිරීම සඳහා පැය කිහිපයක් වසාදැමූ නමුත් පසුව නැවත විවෘත කළ බව රුසියාවේ ගුවන් සේවා නිරීක්ෂණ ආයතනයක් වන ‘රොසාවියැට්සියා’ පවසයි.
මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ, අවම වශයෙන් යුක්රේන ඩ්‍රෝන යානා 19 ක් ‘විවිධ දිශාවලින්’ නගරයට ළඟාවීමට පෙර විනාශ කර ඇති බවයි.
සුන්බුන් කිහිපයක් නගරයට ඇතුළු වන ප්‍රධාන අධිවේගී මාර්ගයකට පතිත වී ඇති නමුත් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව ඔහු පැවැසීය.
යුක්රේනය මේ සම්බන්ධයෙන් තවමත් අදහස් දක්වා නොමැත. එහෙත් කාර්කිව් නගරාධිපතිවරයා පැවසුවේ රුසියාව එක රැයකින් නගරයට මෙන්ම කියෙව් ප්‍රදේශයටද ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බවයි.
මොස්කව්හි මෙන්ම, පෙන්සා සහ වොරොනෙෂ් ඇතුළු අනෙකුත් රුසියානු නගරවල ආණ්ඩුකාරවරුන් ද අඟහරුවාදා වන විට ඩ්‍රෝන යානා මගින් ඔවුන්ගේ නගර ඉලක්ක කර ඇති බව පැවැසීය.
රුසියානු හමුදාවේ තහවුරු නොකළ වාර්තාවලින් පෙනී ගියේ මොස්කව්හි දකුණේ මහල් නිවාසයක ජනේල විනාශ වී ඇති බවයි.
රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ඔවුන් යුක්රේන ඩ්‍රෝන යානා 26 ක් එක රැයකින් විනාශ කළ බවයි.
රුසියාව යුක්රේනය පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමෙන් පසු, යුක්රේනය විසින් මොස්කව් වෙත ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් දියත් කර ඇත.
පසුගිය මාර්තු මාසයේ එහි විශාලතම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනකු මියගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart